
KAHADUWA NATIONAL SCHOOL
කහදූව ජාතික පාසල
පාසල් අංකය : 07184
සංඝණන අංකය : 06145
පාසල් වර්ගය : 1-AB
Kahaduwa National School is a Sri Lankan government school. The school was established in 1899.
The school has a proud history in the field of sports, especially in volleyball and karate. The first all island victory of the college volleyball team came in 1982. The under 15 girls volleyball team bagged the first runners-up spot and in 1987 they captured the All island championship. They are also proud to say that Nadeeka Lakmali, the Asia medalist and Olympics participant in the Javelin throw is one of their old girls.
විද්‍යාලයීය දැක්ම
නැණ ගුණ වඩන රට දැය සුරකින ධනාත්මක චින්තනයෙන් හෙබි බුද්ධිමත් පුරවැසියන් පිරිසක් බිහි කර රටට දායාද කරලීම.
විද්‍යාලයීය මෙහෙවර
භෞතික හා මානව සම්පත් මනා කළමනාකරණය තුළින් ගුරු-සිසු නිපුණතා සංවර්ධනය කරා ගෙන යමින් කහදූව ජාතික පාසල ඵලදායි පාසලක් බවට පත් කිරීම අපගේ උදාර මෙහෙවරයි.

පාසල පිළිබඳ තොරතුරු
94 K ග්‍රාම නිලධාරී වසමේ පිහිටි කහදූව ගම්මානය භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 203 ක විශාලත්වයෙන් යුක්ත වේ. 1899 නොවැම්බර් 20 වන දින කහදූව ගම් පියසේ පොල් අතු සෙවළි කරන ලද පොල් අතු පැලකින් ඇරඹී මෙම පාසල එවක සිටි ජනී ජනයා ආමන්ත්‍රණය කරන ලද්දේ "කහදූව ඉස්කෝලේ" යන නාමයෙනි.
විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ලෙස ඒ. සමරනායක මහතා මෙම පාසල නගා සිටුවීම සඳහා විශාල කැප කිරීමක් සිදිකරන ලදී. එතුමාගේ සහයට එම්.කේ. උදාරිස් සහ පී.උදාරිස් යන ගුරුවරුන් දෙදෙනා එක් විය. පාසල ආරම්භයේදී එහි වූයේ කළු ලෑලි 01 ක්, බංකු 12 ක්, ලියනමේස 01 ක්, ලොග් සටහන් පොත් 01 ක්, දිනපතා පැමිණීම සටහන් කරන ලේඛන 01 ක් පමණි.
පාසල ආරම්භක අවස්ථාවේදී එහි සිසුන් 83 ක් පමණ ඉගනීමේ නිරත වී ඇති අතර, ඒ කාල වකවානුවේදී පිරිමි පාසලක් ලෙස පවත්වා ඇත.
පසුව කාන්තාවන්ටද ඉගෙනුම ලැබීමට හැකි වන පරිදි එහි ව්‍යුහය වෙනස් වී ඇත. එම හේතුව නිසා 1937 වසරේදී කාන්තා හා පිරිමි වශයෙන් එකම පාසල් ඉඩම පාසල් 02 ක් බවට පත්ව ඇත.
පිරිමි පාසලේ විදුහල්පති ලෙස් ඒ. සමරනායක මහතා සේවය කර ඇත. කාන්තා පාසලේ විදුහල්පතිතුමිය ලෙස පතිරත්න ජයසිංහ මහත්මිය සේවය කර ඇත. කෙසේ වෙතත් එම වසරේදීම (1937) පිරිමි හා කාන්තා ලෙස පාසල් දෙකකින් යුක්ත වූ මෙය මිශ්‍ර පාසලක් බවට පත වී ඇත.
එහි මුල් විදුහල්පති වශයෙන් ඩී. සුගතදාස මහත්මා සේවය කරන ලදී.
1996 වසරේදී කහදූව පාසල නවෝද්‍යා පාසලක් බවට පත්ව ඇත.
අතීතයේ ජනී ජනයා "කහදූව ඉස්කෝලේ" යන නාමයෙන් ආමන්ත්‍රණය කරන ලද පාසල අද වන විට ජාතික පාසලක් බවට පත්ව ඇත.
දැනට වසර 122 ක පමණ ඉතිහාසයක් ඇති කහදූව ජාතික පාසල, එම කාල පරාසය තුළ විදුහල්පතිවරු 29 ක් සේවය කර ඇත.
වර්තමානය වන විට විද්‍යල්‍යීය විදුහල්පති අසුන ඒ. රංජිත් මහතා විසින් හොඹවනු ලබයි.
සිසු දරු දැරියන් 700 ක් පමණද, 65 ක පමණ ගුරු මණ්ඩලයකින් වර්තමානය වන විට එය සැකසී ඇත.
කලා හා වාණිජ විෂය ධාරාවට පමණක් සීමාව තිබූ උසස් පෙළ 2013 වර්ෂයේදී විද්‍යා හා ගණිත අංශ දක්වා පැතිරුණි.
ආරම්භයේ සිට වර්තමානය දක්වා සේවය කල / සේවයේ නිරත වන විදුහල්පතිවරු
ඒ. සමරනායක මහතා 1889-1905
සී.ඩබ්.ඒ. සමරසිංහ මහතා 1905-1920
ඩබ්ලිව්. මාසාච්චි මහතා 1920 (මාස කිහිපයක්)
තණබද්දේගම ජයරත්න මහතා 1920-1937
ඩී.එස්. සමරසිංහ මහතා 1937 (මාස කිහිපයක්)
පතිරත්න ජයසිංහ මහත්මිය 1937 (මාස කිහිපයක්)
ඩී. සුගතදාස මහත්මා 1937-1950
බී.බී. අල්විස් මහතා 1950-1964
පී. ගම්මන්පිල මහතා 1964-1965
ආර්. වික්‍රමසිංහ මහතා 1965 (මාස කිහිපයක්)
ඩී.ඩී. ව්ජේ ගුණවර්ධන මහතා (මාස කිහිපයක්)
එස්.එච්.ඩබ්ලිව්. ලීලාරත්න මහතා 1965-1971
ඩබ්ලිව්.එස්. ද සිල්වා මහතා 1971-1973
කේ.එල්.ජී.ජී. ප්‍රැන්සිස් මහතා 1973 (මාස කිහිපයක්)
ඒ.ඒ ජයසිංහ මහතා 1973-1978
එස්.ජී. ගුරුසිංහ මහතා 1978-1979
කේ.එච්.කේ. ජිනදාස මහතා 1979-1980
එම්. කලන්සූරිය මහතා 1980-1983
ඒ.ඒ. ජයසිංහ මහතා 1983-1984
කේ.බී. සෝමසිරි මහතා 1984-1985
පූජ්‍ය පී. චන්ද්‍රසිරි හිමි 1985-1992
එස්. බණ්ඩාරිගොඩ මහත 1992-1993
පාලිත හෙට්ටිගම මහතා 1993 (මාස කිහිපයක්)
පී.කේ.ඩී. නිමල් ප්‍රෙමසිරි මහතා 1993-2002
කේ.එල්. සුනිල් ප්‍රේමසිරි මහතා 2002 (මාස කිහිපයක්)
කේ.එම්. සුනිල් පද්මසිරි මහතා 2002-2006
කේ.එම්.ජී. රංජනී මහත්මිය 2006-2007
ඒ.පී.ජී. චන්ද්‍රසිරි මහතා 2007-2013
ඒ. රංජිත් මහතා 2013 සිට වර්තමානය දක්වා
CONTACT US
Kahaduwa National School
112 Yakkatuwa-Kahaduwa Road, Kahaduwa, Sri Lanka
